Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !

    වෙසක් පොහොය සහ නැකැත් ආරවුල !

    2025-12-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.156 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙසක් පොහොය පමණක් නොව මෑතකාලීනව අනෙකුත් පොහොය හා සිල් දින තීරණය කිරීම ගැනත් මතභේදාත්මක ගැටළු ගණනාවක් තිබුණා. ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය වශයෙන් අපි මේ සම්බන්ධ ගැටළුවලදී අපට හැකි උපරිම මැදිහත්වීම් කර තිබෙනවා. ඉන් එකක් තමයි සුප්‍රසිද්ධ අවුරුදු නැකැත් ආරවුල. හිටපු අත්තනෝමතික සහ දේශපාලන ඕනෑ එපාකම් මත සාමාජිකයන් ඇතුල් කර ඇටවූ නැකැත් කමිටුවට අවසානේ ගෙදරම යන්න වුණෙත් සිද්ධාන්තමය කරුණු නොසලකා මහ රෑ 12 ට හිරු නැති රැයේ සූර්‍ය මංගල්‍යය කරන්න ගිහින්. නැකැත් කමිටුවක් දැන් නැතත් ඒ ප්‍රශ්ණයට ස්ථිර විසඳුමක් තවම නැහැ. ඉවත්කරන ලද ලිත් ව්‍යාපාරිකයන් ඉදිරිපත් කළ සීට්ටුවක් සහ අප විසින් නිසි අධ්‍යයනයකින් පසු ඉදිරිපත් කළ සීට්ටුව වශයෙන් සීට්ටු දෙකක් 2026 වසරටත් තිබෙනවා. සියළු පර්යේෂණ වලින් අනතුරුව වාර්තා සියල්ල අපි සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකර පෙට්ටගමේ තබාගෙන වත්මන් සංස්කෘතික ලේකම් කළේ රජය අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්නොකර එයින් ලිස්සා යාමයි. ලිත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ට බයේ එහෙම කරනවද කියන එක අදටත් ප්‍රශ්ණයක් !

    දැන් ඔය පොහොය කමිටුව කියන එකේ ඉන්නෙත් අර නැකැත් කමිටුවෙ මෙතුවක් කල් ලැගගෙන හිටපු ලිත් ව්‍යාපාරිකයන්මයි. පොහොය කමිටුව පවතින්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ. මේවා පවතින්න ඕනි හරිනම් බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ. එතනම අච්චාරුවක් ! මේවා හදන්න අපි යෝජනා දුන්නත් හැදෙන පාටක් නම් නැහැ. ගිය වසරෙ ඇසළ පොහොයෙ සිල් දිනය පැටලුවා. සමහර අවුරුදු වල වෙසක් ඇතුළු ප්‍රධාන පොහොයන් පැටලුවා. දැන් 2026 වසරෙ වෙසක් පොහොය. එතනත් ආරවුලක්. විසා නැකැත නොයෙදුණු වෙසක් පොහොය දින මීට පෙරත් තිබිලා තියනවා. පොහොය ගණනයේදී ආමන්ත, පූර්ණිමාන්ත යන ක්‍රම දෙකකට ගැණෙනවා. වසර 19 ක එක් අධිමාස පතන චක්‍රයක් තුළ අධි පොහොයන් 07 ක් යෙදෙනවා. මේවා ආවට ගියාට හදන්න බැහැ. බොහොම සීරුමාරුවෙන් නක්ෂත්‍ර ගණිතමය කොටස් සමඟ සමපාත කරගෙන විසඳිය යුතුයි. මේ යල්පැනපු කමිටු රටට කරපු යහපතක් නැහැ. දැන් නැවතත් මට අහන්න තියෙන එකම ප්‍රශ්ණෙ මේ ලිත් ව්‍යාපාරික මාෆියාවට බය ඇයි කියලා.

    ආශ්‍රීත පුවත්:  සේවා නියුක්ති කාර්යාංශට වසර 40ක් සපිරෙයි

    කරුණාකර ආණ්ඩුව මැදිහත්වෙලා මේ ප්‍රශ්ණ වගකීමකින් විසඳන්න. අවශ්‍ය සියළු පර්යේෂණ අපි කරලා වාර්තා ටික දීලා තියෙද්දිත් මේවා ක්‍රියාත්මක කරන්න බයවෙන්න ඕනිද ?රජයේ නිළධාරීන් මේවා කරන්නෙ නැහැ ආණ්ඩුවකින් ප්‍රෙෂර් එකක් නැතුව. ලබන අවුරුද්දට හිසතෙල් ගාන්න, පැළ හිටවන්න නැකැතක් , දිනයක් තවම නැහැ. ඉතිහාසෙ මුල්ම වතාවටයි මෙහෙම වෙන්නෙ. වෙසක් පොහොයටත් මතගැටුමක් !රටේ ප්‍රධාන සංස්කෘතික උත්සවවලට යන කල මේකද ?

    අපටත් දැන් මහන්සියි, හැමදාම මේවට සටන් කරලම. අප දුන් වාර්තා ක්‍රියාත්මක කරන්න ! ජනාධිපතිතුමාට බලයට එන්න පෙර පැහැදිලිව මේවා විසඳන්න කියන යෝජනා පෞද්ගලිකවත් කියා තිබෙනවා. ඇමතිවරයා සමඟත් සාකච්ඡා කරලා තියනවා. නිළධාරීන් සමඟත් ගණුදෙනු කර තිබෙනවා. අපේ කොටස අපි කරලා තියෙන්නෙ. ඔය අයට තියෙන්නෙ ඒවා ක්‍රියාවට නංවන්න. ලේකම්ලා එයට බාධාවක් නම් ගැලපෙන අය පත්කරගෙන හරි ප්‍රශ්ණය විසඳන්න !

    ජාතික සංවිධායක
    ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමය

    #sri lanka #vfm news Current Affairs nakath kamituwa raajyanakathkamituwa Sinhala News wesak
    පෙර පුව​තපස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
    ඊළඟ පුව​ත උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group