චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
මෙම සංචාරය සඳහා ඔහු සමඟ චීනයේ සුප්‍රසිද්ධ සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙකුද පැමිණීමට නියමිතයි.
ලංකා වාණිජ මණ්ඩලය, මැයි 30වනදා කොළඹ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන ව්‍යාපාරික සමුළුවකටද මෙම පිරිස සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර ව්‍යාපාරික සබදතා ශක්තිමත් කර ගැනීම සහ නව ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා හඳුනාගැනීම පිළිබඳව මෙම සංචාරයේ දී චීන නියෝජිතයන් අවධානය යොමු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














