යල කන්නයේදී සැලකිය යුතු වී තොගයක් රජයේ වී ගබඩා වෙත ලබාගැනීමට වී මෝල් හිමියන් සමග පැවති සාකච්ජාවේදී එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ ගැටලු සාකච්ජා කිරීමේ හමුවක් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කුරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ අඛන්ඩව එම කටයුතු සිදුවන අතර යල කන්නයේදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.