අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගුවන් යානා අවලංගු වීම හා ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා නොවැම්බර් 28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සලසා තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව තව දුරටත් විසා කාලය දිගු කරගැනීමට බලාපොරොත්තුවන විදේශිකයින් සඳහා නොවැම්බර් 28 දින සිට ඉදිරියට දින 07ක කාලයක් සඳහා දඩ අයකිරීමකින් තොරව වීසා දීර්ඝ කරගැනීම සදහා සහන කාලයක් ලබා දීම සිදු කරනු ලබනවා.
කෙටි කාලීන සංචාරක වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා සිදුකළ හැක
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













