විදේශ බැංකු මූල්‍ය ආයතනවල විශ්වාසය දැනටමත් ලබා ගෙන ඇති බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2022 ජූලි මාසයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් මාස 8 කට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගෙමින් තිබෙන බවයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කළේ.
එමෙන්ම රට ගොඩනැගීමේ ප්‍රයත්නයට එක් වන ලෙස මුලු රටෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු අවධාරනය කළා.
හඬ පට ධාවකයඑමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් මාස 6 කට වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම කණ්ඩායම් සමග විපක්ෂයේ අයට ද සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
හඬ පට ධාවකයමේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රජය විසින් රාජ්‍ය සම්පත් සියල්ල විදෙස් රටවලට අලෙවි කරමින් සිටින බවයි.
හඬ පට ධාවකයමේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ විපක්ෂ නායකවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ ද ජාත්‍යනතර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔහු දරණ ස්ථාවරයට සමග එකග නොවන බවයි.
හඬ පට ධාවකයඑමෙන්ම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානයක මහතා ද අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පළ කළා.
හඬ පට ධාවකයමේ අතර පසුගියදා රජය විසින් අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවේචන එල්ල වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ දේශපාලන වුවමනාව මත මෙය සිදු වන බවයි.
හඬ පට ධාවකයමේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙනවා. එම විවාදය අද සිට දින 3 ක් පැවැත්වෙන අතර ලබන 28 වන දා පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.