මිරිස්ස මුහුදු තීරයේ දියනෑමට ගොස් සිටියදී දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික දරුවන් දෙදෙනෙකුගේ බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඊයේ(13) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් අජන්ත සහ පොලිස් කොස්තාපල් කහවත්ත යන නිලධාරීන් විසින් එම දරුවන් දෙදෙනා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු 17ක ගැහැනු දරුවෙක වන ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙකි.