මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අදාළ දැරිය වෙසක් සැරසිලි සිදු කිරීමට යැමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
එම අවස්ථාවේදීම ඇයව පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක්.