ලංකා විදුලි බල මණ්ඩල සේවක සංගම් විසින් ආරම්භ කරනු ලැබූ අකුරට
වැඩකිරීමේ වෘත්තීය ක්‍ර ියාමාර්ගය අද සිට තීව්‍ර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම
වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
පසුගිය සතියේ ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍ර ියාමාර්ගය අදියර තුනක් ලෙස
සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත්
සංගම් තීරණය කර තිබුණා.
ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
ආරම්භ කරනු ලැබුවා.
පසුගිය 4 වනදා ආරම්භ කළ මෙම වර්ජනය සදහා අද වන විටත් අදාළ
බලධාරීන්ගෙන් නිසි විසදුම් නොලැබුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ
ඉංජිනේරු සංගමය පවසන්නේ.
එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර
කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන්
අනතුරුව ප්‍රකාශ කරන බවයි.
උණුසුම් පුවත්
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්













