විදුලි බිල ගෙවීමට නොහැකි නම් එම බිල් පත් නොගෙවන ලෙස විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ කොලොන්නාවේ පැවති ජන හමුවකට එක් වෙමින් .
මෙරට ජනතාව වෙනුවෙන් කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය ලබා ගන්නා බවද විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා .
මේ අතර රට මුහුණ දී සිටින ණය අර්බුදය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පලකළා.
ඔහු කියා සිටියේ අනාගතයේදී රට තවත් ණය අර්බුදයකට ලක්වනු ඇති බවයි.