ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ජිනීවාහි දී මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමු වී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ඒ සදහා මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහායද අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසියට සහභාගි වීමට ජිනීවා ගොස් සිටින අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොලකර් ටර්ක් මහතා අතර හමුවක් සිදු වුනා.
එහිදී මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
නව රජය යටතේ ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව හැරවුමක් ලබා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ.
උණුසුම් පුවත්
- කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට
- බැංකු කාඩ් පතින් බස් ගාස්තු ගෙවීම අනිද්දා ඇරඹෙයි
- ත්‍රී රෝද රථයක් තුල තිබී මළ සිරුරක් හමුවෙයි
- උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්
- 2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කරයි
- ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
- ඉදිරි දින කිහිපයේ වාර්ෂාපතනයේ වැඩි වීමක්
- Grandpashabet – Grandpashabet Casino – Grandpashabet Giri.4491













