වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි සහ කළු ඇඳුමින් සරසි අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ රටේ ක්‍රියාත්මක වන ඝාතන සංස්කෘතියට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට තමන් ඇතුළු පිරිස පැමිණි බවයි.
ඝාතන සාධාරණීකරණය කරන ඇමති වරයෙකු සමග පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සිදු වීම පිලිබදව ලැජ්ජාවට පත්වෙන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ .
මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදියි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














