වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවයි.
මේ අතර ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් රේගුවෙන් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද එහිදී අනාවරණය වුනා.