පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සතියක කාලයක් පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
මේ අතර කාර්යාල සේවකයින්ට ද නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට රජයේ බලධාරින් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස් තුළට වී සිටින ලෙසයි පාකිස්තාන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙන්නේ.