
කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන බවට හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් අද විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන ඒකකය සතු ඩ්‍රෝන කැමරා තාක්ෂණය ද යොදවා තිබුණා.
මෙම කැමරා යොදා ගනිමින් උස් ගොඩනැගිලි සහ වහලවල් මත ඩෙංගු කීටයන් සිටිනවා ද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා.














