
ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස කිහිපයතුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිද්ධීන් 258ක් වාර්තා වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම ගිනි ගැනීමේ සිදුවීම්වලින් සමස්ත මුදා ගැනීම් සංඛ්‍යාව 17ක් ලෙස ද වාර්තා වන බවයි. පසුගිය වසරේ දී පමණක් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ගිනි ගැනීම් සිදුවීම් 382ක් වාර්තා වී තිබෙනවා.














