වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අත්පත්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(31) දින හැටන් බස් නැවතුම් පොලේදී සිදු කර තිබෙනවා.
වතු කම්කරු මධ්‍යස්ථානය, සමාජ සාධාරණය උදෙසා වූ කඳුකර ජනතා ව්‍යාපාරය, ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් එම දැනුවත් කිරීමේ වැඩසටහන සිදු කරනු තිබෙනවා.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 2000 දක්වා වැඩි කිරීම වතු කම්කරුවන්ට මාසික වැටුප් ක්‍රමයක් ලබාදීම, ලයිම් කාමර වෙනුවට ඉඩම් ලබාදීම වතු වහල්භාවය අවසන් කර සත්‍ය පුරවැසිභාවය ලබාදීම එම ඉල්ලීම් අතර වනවා.
එසේම සිවිල් කටයුතු අවහිර කරන වතු අධිකාරි බලය අහෝසි කිරීම, දිවා සුරැකුම් මධ්‍ය්ථාන පහසුකම් පුළුල් කිරීම, උග්‍ර මන්දපෝෂණයට විසඳුම් ලබාදීම, උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණ යන විෂය ධාරාවන් සඳහා දෙමළ මාධ්‍ය අධයාපන ක්‍රමය පුළුල් කිරීම, මලෛහ ජනතාව ජාතික ජන කොටසක් සේ පිළිගැනීම යන කරුණු මුල් කරගනිමින් මෙම අත්පත්‍රිකා බෙදාදීම සිදුකර තිබෙනවා.