ලෝක ශ්‍රවණ දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘වෙනස් වන මානසිකත්වය, කණ් සහ ශ්‍රවණ සත්කාරය සැමට යථාර්තයක් කරමු‘ යන්නයි.
ගෝලීය වශයෙන් සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇති බව පැවසෙන අතර, 2050 වනවිට පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ශ්‍රවණාබාධ ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
ලොව පුරා තරුණයින් බිලියනයකට වැඩි පිරිසක් විනෝදාත්මක ඝෝෂාකාරී ශබ්දය නිසා ස්ථිර ශ්‍රවණාබාධවලට ලක්වීමේ අවදානමකට ලක්ව සිටින බවයි සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් කියාසිටියා