ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙසයි දැක්වෙන්නේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 79.4ක් ලෙසයි.