Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොකු ළූණු මිල වැඩිවීමේ ඇත්ත කතාව එළියට

    ලොකු ළූණු මිල වැඩිවීමේ ඇත්ත කතාව එළියට

    කාංචන කුමාර - දඹුල්ල
    2023-12-20කියවීමට මිනිත්තු 3ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන බව ඉන්දියාවේ සිට ලොක= ලූණු ඒවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසනවා.

    ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූණු තොග අයිතිකරුවන් වන්නේ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් ඒම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක්ම තමන්ට ලූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවත් ඔවුන් අවධාරණය කරනවා.

    ඒ් අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග ගබඩාවල විශාල වශයෙන් ලූණු ගබඩා කර වෙළෙඳ පොලේ ලොකු ලූණු හිඟයක් ඇති කොට ඉතා සූක්ෂම ලෙස ලංකාවේ කිහිපදෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඒක්ව ලොකු ළූණු මිල ඉහළ දමා ජනතාව සූරාකෑමට ලක්කරන මාෆියාවක් ක්‍රියාත්වක බව ලොකු ළූණු තොග වෙළෙන්දෝ පවසනවා.

    මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල්වල ලොකු ළූණු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ළූණු තොග ගබඩාවල සඟවා තිබෙන බවද පෙන්වා දෙනවා.

    කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පාකිස්ථානය, ඉන්දියාව සහ තුර්කිය යන රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් රුපියල් 420ත් 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු ගබඩා කර තිබෙන බවත් ඒවා ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවා පාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් ව්‍යාපාරිකයෙකු වන ඒම්.ජී. ෆසිල් මහතා පවසනවා.

    කෙසේ වෙතත් මෙම ලොකු ළූණු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ බවවත් උත්සව සමය ඉලක්ක කරගෙන මෙම ලොකු ළූණු මිල ඉහළ දැමීම ජාවාරමක් කරගෙන යන නිසාවෙන් මෙම ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දන් රජයෙන් ඉල්ලා සිටිනවා.

    දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ජාවාරම සිදු කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනවා.

    ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කිහිදෙනෙකු ඒක්ව මුළු රටේම ලොකු ළූණු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් සිදු කරනතුරු ආණ්ඩුව සහ වගකිවයුතුයි ඇමැතිවරුන් නිහඬව බලා සිටිනේ යම්කිසි වාසිදායක තත්ත්වයක් ඒම අයට ලැබෙනවාදැයි සැකයක් මතුවන බවයි.

    කෙසේ වෙතත් දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සිදු කළ බවටද චෝදනා කරන නාමල් කරුණාරත්න මහතා මෙලෙස ලොකු ලොකු ළූණු සඟවාගෙන අලෙවි කරනු ලබන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිනවා.

    ලොකු ළූණු තොග මෙලෙස සඟවාගෙන සූක්ෂම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක පෙරේරා මහතාගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඒවැනි තොග සඟවාගෙන ඇති බවට තමන්ට කිසිදු තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ ඒ් මහතා කියා සිටියේ ලොකු ළූණ සඳහා ගැසට් ඒකකින් මිලක් පාලනය කර නොමැති නිසා තමන්ට ඒ් සම්බන්ධයෙන් රාජකාරියක් කිරීමට හැකියාවක් නොමැති බවයි.

    කෙසේ වෙතත් තොග සඟවා තැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාවක් තිබෙන බව රේණුක පෙරේරා මහතා කියා සිටියා.

    විදේශීය ළූණු කොමිස් පිට අලෙවි කර ප්‍රජාව දැඩිව කියා සිටියේ මේ වන විට ලොකු ළූණුමිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් සිදුකරන බවයි.

    ඕනෑ තරම් ගබඩාවල සඟවාගෙන ප්‍රසිද්ධියේ මෙය සිදුකරන බවද එම පිරිස දැඩිව චෝදනා කරනවා.

    ලොකු ළූණු අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වූ ෆසිල් මහතා කියා සිටියේ දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවාගෙන ඉතා සූක්ෂම ලෙස අලෙවි කිරීමේ කටයුතු සිදු කරන බවයි.

    පෙර පුව​තවැස්සෙන් සහ ගංවතුරෙන් උතුරේ පුද්ගලයන් 15000ක් විපතට
    ඊළඟ පුව​ත නිර්පාක්‍ෂික අපේක්‍ෂකයෙකු ලෙස රනිල් ජනපති සටනට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group