දේශීය ලොකු ලූණු අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල දේශීය ලොකු ළුණු ගොවීන් අද දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ විරෝධතාව ව්‍යාපාරයක නිරත වී තිබුනා .
ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණි දේශීය ලොකු ලුණු ගොවියන් සහ ගෙවිලියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දේශීය ලොකුළුණු අස්වැන්න පෙන්වමින් තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්නැයි රජයට බල කරමින් සිය විරෝධතාවය පළ කළා.
උඩරට ප්‍රදේශයේ අල ගොවීන් ද මේ වන විට සිදුකරගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහයෝගය ලබා දී තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ලැබීමද සියයට අසූවකින් පමණ පහත වැටී තිබීම විශේෂත්වයකි
විරෝධතාවයට එක් වූ දේශීය ලොකුළුණු ගොවීන් සඳහන් කළේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව දැනුම් දුන්නද කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොකළ බවත් වැඩිදුරටත් සදහන් කලා .
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














