පසුගිය සිකුරාදා රුසියාවේ වොස්ටෝච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කෙරුණු ලූනා 25 යානය සඳේ කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
1976 වසරෙන් පසු සඳේ කක්ෂයට ඇතුළු වූ පළමු රුසියානු යානය මෙය බව වාර්තා වෙයි.
රුසියාව මෙලෙස සඳ ගමනක යෙදී සිටින්නේ, ඉන්දියාව ද චන්ද්‍රයාන් 3 සඳ තරණ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ළඟා වෙමින් සිටින පසුබිමකයි.