නයිජීරියාවෙන් ලාසා වෛරසය ආසාදනය වූවන් 105දෙනෙකු වාර්තා වී තිබෙනවා.
එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජනවාරි මස 2වන දා සහ 15වනදා අතරතුර කාලය තුළ නයිජීරියාවේ ප්‍රාන්ත 10ක එය ව්‍යාප්ත වී තිබෙනවා.
මෙම වෛරසය මීයන් හරහා ව්‍යාප්ත වන බවටයි හෙළි වී ඇත්තේ.
උණ, හිසරදය, උගුරේ වේදනවා, කැස්ස, පාචනය ලාසා රෝගයෙහි ලක්ෂණ බව වෛද්‍යවරුන් පවසනවා.