නයිජීරියාවේ, නයිජර් ඩෙල්ටාවෙන් නීති විරෝධී ලෙස බොරතෙල් ලබා ගැනීමට පැමිණි බවට හෙරොයික් ඉදුන් නම් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර එරට අධිකරණයක් නියෝග කර ඇත්තේ එම 27 දෙනා ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවා තැබීමටයි.
එම සැකකරුවන් අතර සිටින ඉන්දීය සහ පෝලන්ත ජාතිකයින් පිළිබඳ සොයා බැලීමට අදාළ රටවල තානාපති අංශ වලින් අවසර ඉල්ලා ඇති බවද නයිජීරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.