එංගලන්තයේ, ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ දිනයේදී සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් මද වේලාවකට පසු කඩා වැටි ගිනි ගැනීමත් සමග එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. එමෙන්ම තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳද කිසිදු තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද සඳහන්. මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් සූස් එක ( SUZ -1 )වර්ගයේ ගුවන් යානයක් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














