ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේතුන්වන සැසිවාරය ඊයේ කොළඹදී ආරම්භ වුනා.
ඒ, වෙළෙඳ, වාණිජ, අහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් මහතාගේ ප්‍රධානත්වයෙන්.
දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
ඒ අනුව, නව අවස්ථාවන් ගවේෂණය කිරීමේ අරමුණින් දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ තාක්ෂණික විශේෂඥයින් මෙම සැසියේදී හමුවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











