සමගි ජන බලවේගය වැලිගම ආසන සංවිධායක මෙන්ම වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු පවසා තිබෙන්නේ
මෙම තීරණය මාතෘභූමිය අභියස පවතින කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන අභියෝග ජයගැනීමට පෞද්ගලික අභිමතාර්ථයත් පසෙකලා ගනු ලැබූ තීරණයක් බවත් ජයවික්‍රම මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.










