රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ අද රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
භූමිකම්පාවෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
භූමිකම්පාව පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 111.7ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 39ක් පමණ ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කලේ.
ඒ අනුව මීටරයක් දක්වා රළ ඇති විය හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කර තිබෙනවා.