සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර සහ ඒ .එම්. එස්. අබේසිංහ අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා සිටිය දී පාතාලයේ ප්‍රබලයන් බව පැවසෙන වික්‍රමරත්න නදුන් චින්තක සහ සළිඳු මල්ෂික ගුණරත්න යන අය ඉන් පිට කිරීමට සැලසුම් කළ බවට රුවන් චාමර වෙත එල්ල වී තිබුනා.
ඔහු සහ ඒ එම් එස් අබේසිංහ යන සැකකරු ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර ඇත්තේ.
රඳවා ප්‍රශ්න කළ සැකකරු සම්බන්ධයෙන් උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














