ආර්ථික ප්රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකායේ උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම නවීන ආරක්ෂාව සම්පාදනය කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආර්ථික ප්රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනය ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.