පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් නව ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය අනූ අටක් ලෙසයි.
කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් තිස් හතර දහස් තුන්සිය අසූවක් ලෙස සඳහන් වුණා.
එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල පිළිවෙළින් රුපියල් තිස්එක් දහස් පන්සිය විස්සක් සහ රුපියල් තිස්දහස් අනූවක් ලෙසයි සඳහන් වූයේ.