මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 4500 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ”කැරට් 22” රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ 45,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය බදාදා දිනයේදී එය දැක්වුණේ රුපියල් දෙලක්ෂ 40,500 ක් ලෙසයි.