රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමින්.













