උපාධි පාඨමාලා ප්‍රමාද වීම ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ ගැටලූ රැසක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුනා.
එහිදී එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මෙහිදී විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා කඩිනමින් අවසන් කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දී තිබෙනවා.
එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කලේ.