Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් 

    රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන් 

    2025-09-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින් පවතින බවත් මෙයට ආසන්න සිදුවීම වන්නේ බයි තක්සලාව කියන යූටියුබ් නාලිකාව ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසලට අංක තහඩු රහිත බයිසිකල්වලින් විවිධ පුද්ගලයන් පැමිණීම බවත් මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට දැඩි අනාරක්ෂිතභාවයක් මතුව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

    වත්මන් රජය පසුගිය මැතිවරණ වේදිකාවේ මේස පුටු අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන උපකාරක පන්ති පවත්වන්නම් කියූ බවත් එදා එහෙම කියූ මේ දේශපාලන පක්ෂය රටේ වගකීම බාර ගත් මොහොතක මේ මිනිමරු සංස්කෘතිය නගරයෙන් නගරයට ව්‍යාප්ත වී ඇති බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ද මෙවැනි තර්ජන එල්ල වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ජීවිතය ආරක්ෂා කර ගැනීමේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    මේ මාධ්‍යකරුවන්ට එල්ලවන තර්ජන ගර්ජන ප්‍රජාතන්ත්‍රවදයට එල්ල වන මරු පහරක් බවත් මෙය වහා වළක්වන්න පියවර ගත යුතු බවත් මෙකී නාදුනන බයිසිකල්කරුවන් ගැන විමර්ශනය කළ යුතු බවත් රජය ක්‍රියාත්මක කරන නිවැරදි දේ ප්‍රශංසා කරන්නටත් වැරදි දේ විවේචනය කරන්න සියලු පුරවැසියන්ට අයිතිය ඇති බවත් රජයේ නිවැරදි හා වැරදි දේ පෙන්වා දීම ලක්ෂ 220ක් ජනතාවගේ වගකීම බවත් ඒ අයිතිය ජනතාව සතු අයිතියක් බැවින් ඒ අයිතිය උදුරා ගන්න ආණ්ඩුවට හෝ මැර කණ්ඩායම්වලට හැකියාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම සමාජ‌ය භීතියකට පත් කර ගෙන ඇති මේ මිනිමරු සංස්කෘතිය පරාජය කරන්න රජය වහා කටයුතු කළ යුතු බවත් ඒ උදෙසා ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙන බවත් රජය අහන්න අකැමැති දේ යූටියුබ් නාලිකාවල යන විට ගත යුතු පියවර මේ අයට තර්ජනය කිරිම නොව තමන්ගේ වැරදි නිවැරදි කර ගෙන රට ඉදිරියට ගෙන යාම බවත් සමාජ මාධ්‍ය තුළ මෙන්ම නිදහස් මාධ්‍ය තුළ ඇත්ත ඇති සැටියෙන් කතා කරන මාධ්‍යවේදීන් ක්‍රියාකාරින් ආරක්ෂා කරන්න විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තපංචිකාවත්ත වෙඩි තැබීමේ යතුරු පැදිකරු අල්ලයි
    ඊළඟ පුව​ත පද්මෙගේ රසායනික ද්‍රව්‍ය සඟවන් සිටි පොහොට්ටු පාක්ෂිකයන් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group