හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩුවක් ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති අදාළ නඩුව අද(04) කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අදාළ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණයේ විනිසුරු ප්රදීප් අබේරත්න මහතා රාජකාරී නිවාඩු ලබාසීමට හේතුවෙන්.
2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දින දක්වා අතර කාලසීමාවේදී නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.