යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 12දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයන් රාත්රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු කර ඇති අතර, ඔවුන් සමග ඩිංගි යාත්රා තුනක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 59 ත් අතර පසුවන මන්නාරම, තලයාඩී, පූලයාර්කොයිලඩි, පුදුකුඩුඉරුප්පු සහ ආනන්දපුරම් යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව එම පුද්ගලයින් දෙළොස් දෙනා මෙන්ම ධීවර ආම්පන්න සහ ඩිංගි යාත්රා තුන ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.