මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය ලබන 20 වනදා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව ඊට පහසුකම් සැලසීම සදහා ලබන 20 වනදා සිය ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.