හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තුවාල ලැබූ තවත් 8 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථ තරගාවලියක් අතරතුර ධාවන පථයෙන් ඉවතට විසිවී ගොස් නරඹන්නන් සිටින ස්ථානයක ගැටීමෙන් බව සඳහන්.
උතුරු හංගේරියාවේදී පැවැත්වුණු තරගාවලිය අනතුරෙන් පසු අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.