පුද්ගලයින් පිරිසක් විසින් මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණා.
පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා වැටී සිටින බවට දෙමටගොඩ පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී ඇති අතර රාත්‍රී ජංගම සංචාර සේවාවේ සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තුවාල ලබා වැටී සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා ගුවන් පාලම අසල රැඳී සිටි ස්ථිර පදිංචියක් නොමැති පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
පුද්ගලයින් පිරිසක් විසින් මිය ගිය පුද්ගලයාට මොට ආයුධවලින් පහර දී ඇති බවට සිදු කරන ලද මුලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.