මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2 ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ නව සමාගම් 18,000 ක් ලියාපදිංචි වී ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළා.













