මෙම වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් පමණ සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් ඒ අතර වනවා.
වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 900කට අධික ප්‍රමාණයකට නඩු පවරා ඇති බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.
වැඩි මිලට සහල් අලෙවි කළොත් දඩය ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා වන අතර, මාස 5ක සිර දඬුවමක්ද නියම කළ හැකියි.