රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් හතලිස් හතර ලක්ෂ 18,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී තිබෙනවා.
ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මෙම උත්සවය පැවැත්වුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ චීන තානාපති ෂෙන්හොන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළකළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපතිවරයා අතර සිදු වුණා.