මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යාත්රාවක් ඊයේ රාත්රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැමිණ කොල්ල කා තිබෙනවා.
එහිදී එම යාත්රාවේ සිටි ධීවරයින්ට පහරදී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුක්ත ධීවර ආම්පන්න ඇතුළු තවත් උපකරණ රැසක් පැහැරගෙන ගොස් ඇතැයි පරික්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සඳහන් කළා