ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා.
තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 220ක් ලබාගැනීමට සමත් වූවා.
කොල්කටා නයිට් රයිඩ්ර්ස් කණ්ඩායම වෙනුවෙන් නායක Ajinkya Rahane පන්දු 40කදී ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූවා.
ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.
Angkrish Raghuvanshi ලකුණු 51ක් ලබාගැනීමට සමත් වූවා අතර Finn Allen ලකුණු 37ක් ලබාගත්තා.
නොදැවී පන්දුවට පහර දුන් Rinku Singh ලකුණු 33ක් ලබාගනිද්දි Cameron Green ලකුණු 18කට දැවී ගියා.
පන්දු යැවීමේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් Shardul Thakur කඩුලු තුනක්ද Hardik Pandya එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 4ක් දැවී ලකුණු 224ක් ලබාගැනීමට සමත් වූවා.
Ryan Rickelton ලකුණු 81ක් ලබාගත්තේ හයේ පහර අටක් සහ හතරේ පහර 5ක් සමගින්.
Rohit Sharma පන්දු 38කදී හතරේ පහර හයක් සහ හයේ පහර හයක් සමගින් ලකුණු 78ක් ලබාගැනීමට සමත් වූවා.
Tilak Varma ලකුණු 20කට දැවී යද්දී නායක Hardik Pandya නොදැවී ලකුණු 18ක් ලබාගනිද්දි Suryakumar Yadav ලකුණු 18කට දැවී ගියා.
පන්දු යැවීමේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් Vaibhav Arora, Kartik Tyagi සහ Sunil Narine එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
Shardul Thakur තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.














