වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උපදේශක ගාමිණි මොරගොඩ මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින්.