නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබී කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් අද(29) දින හමු වූ බව නල්ලනත්නිය පොලිසියේ ස්ථානාධිපති ආර්. නිරෝෂන් මහතා පවසනවා.
එම වතු යායේ වතු කම්කරුවන් විසින් තේ වත්තේ මියගොස් සිටි කඳුකර කළු කොටි පැටවෙකුගේ නිරුරක් ඇති බවට පොලිසිය වෙත ලබාදුන් තොරතුරු මත ඒ පිළිබඳ නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.
දින කිහිපයකට ප්‍රථම මියගොස් ඇති කඳුකර කොටියා වාහනයක ගැටී තුවාල ලබා මිය යන්නට ඇති බව නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිලධාරීන් සැක කරනවා.
මියගිය කඳුකර කොටියාගේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් රැගෙන සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන බවද නල්ලතන්නි වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසනවා.












