මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ අද උදෑසන 11ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය බුද්ධික මනතුංග මහතා පවසනවා.
මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙක්ව වන වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.
තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු බවට සැක කෙරෙන බවටයි වාර්තා වෙන්නේ.