ගතවූ පැය 24 ක කාලය තුල පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව පැමිණිලි 127 ක් මැතිවරණ කොමිසම වෙත වාර්තා වී තිබෙනවා.
ඉන් පැමිණිලි 126ක් මැතිවරණ නීති උල්ලඝනය කිරීම් වන අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධව වාර්තා වී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණයි.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින සිට මේ දක්වා මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1535ක්.
ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි අතරින් 1248ක් මේ වන විට විසඳා තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවත් පැමිණිලි 287ක් විසඳීමට කටයුතු කරමින් පවතින බවයි.