ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා.
ඉන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බවයි වාර්තාවන්නේ.
රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර වනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි.
ජනාධිපතිවරණය ආශ්‍රිතව එක් පැමිණිල්ලක් පමණක් තමන්ට ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
කෙසේවෙතත් පැෆරල් සංවිධානය සඳහන් කලේ ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 40 ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.