දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව හෙට දිනයේ දී ඔවුන් රැස් වී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
මහ මැතිවරණය නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තුන්වන දිනය ඊයේ සාර්ථකව පැවැත්වුණා .
මෙම දින වලදී ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට නොවැම්බර් මස 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා
ඒ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල දීයි.